පැය 15ක විදුලි කප්පාදුවකට මුහුණ දීමට සිදුවනු ඇත – මුදල් ඇමති

Spread the love

ඉදිරියේදී පැය 15ක කාලයක් විදුලිය විසන්ධි වීමේ අවදානමක් පවතින බව මුදල් අමාත්‍ය අලි සබ්රි ඊයේ කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළේය.

විදේශ විනිමය නොමැති ආර්ථික අර්බුදය උග්‍ර වී ඇති බවත් විදේශ විනිමය සංචිත ඩොලර් මිලියන 50ට අඩු බවත් ඔහු පැවසීය.

ඉදිරියේදී ඉන්ධන සංචිත ආනයනය විශාල ගැටලුවක් වී ඇති බවත් විදුලිය සැපයීම විශාල අර්බුදයක් බවට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට නම් පළමුව රට තුළ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ඔහු කැබිනට් මණ්ඩලයේදී පෙන්වා දුන්නා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *