යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුන රාමනාදන් මහතා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හරහා නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කර තිබේ.
2021 වසරේ කොළඹ බේස්ලයින් මාර්ගයේ රථ වාහන අනතුරක් සිදු කර පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවතින නඩුවක් අද (26) විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
මේ අතර නොවැම්බර් 25 වැනිදා 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී විපක්ෂ නායක ධුරය සඳහා නියම කර තිබූ අසුනට නොදැනුවත්වම වාඩි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුන රාමනාදන් මහතා සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.
නොවැම්බර් 25 වැනි දින අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සඳහා වූ වැඩමුළුවකදී මෙම සමාව අයැදීම සිදු කර ඇත. රාමනාදන් මන්ත්‍රීවරයා තම ක්‍රියාකලාපය පැහැදිලි කළ අතර විපක්ෂ නායකවරයා විසින් නියම කරන ලද අසුනේ අසුන් ගැනීමෙන් ඇති වූ අනවබෝධය පිළිබඳව කනගාටුව පළ කළේය.