ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරී සමරසිංහ දිවි රඟමඬලින් සමුගනී

Spread the love

ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරී සමරසිංහ දිවි රඟමඬලින් සමුගනී

ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරී සමරසිංහ මහත්මිය පෙරේදා (6) අභාවප්ප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 81වියේ පසුවූවාය. 1939 මාර්තු 15 වැනිදා මොරටු පුරවරයේ දී උපත ලද මියුරී සමරසිංහ මහත්මිය රංගන ශිල්පිනියක් මෙන්ම නාට්‍ය අධ්‍යක්ෂිකාවක් සහ නිෂ්පාදිකාවක් ලෙස සිය කුසලතාව විදහා පෑ කලා ශිල්පිනියකි.

කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වූ සමරසිංහ මහත්මිය අලුත් දවසක් නම් වූ වේදිකා නාට්‍යයෙන් සිය රංගන දිවිය ආරම්භ කළාය. ඉන් අනතුරුව රන්කන්ද, උමතුසංවරුසාව, බම්මන්නෝ, උරුවිසි, හිතහොඳ අම්මන්ඩි, නැට්ටුක්කාරයෝ, නැකත, ඔතලෝ, සිවම්මා ධනපාල, ලෝරා සහ නවසිය අනූනවය, වැනි වේදිකා නාට්‍ය 300කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකවී ඇත. ඇය නාට්‍ය 10 ක් අධ්‍යක්ෂණය කර ඇත. 1981 දී ලෝරා සහ නව සිය අනූනවය නාට්‍යයේ හොඳම නිළිය ලෙස ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලබා ඇත. ඇය 1981 දීනිෂ්පාදනය කළ හිමකුරුල්ලෝ නාට්‍ය වසරේ හොඳම නිළිය හා හොඳම නළුවා සඳහා සම්මාන හිමි විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *