.
පළාත් අතර සංචරණ සීමා පවතින තත්වය සැලකිල්ලට ගෙන ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී , යුද හමුදාපති ජනරාල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.කොවිඩ් පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස තමා ඒ සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට උපදෙස් මාලාවක් දුන් බවද යුද හමුදාපතිවරයා කියයි.
මේ අවස්ථාවේදී සංචරණ සීමා කඩ කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවත් එම සීමා කඩකරන පුද්ගලයන්ට විරුද්ධව දැඩි ලෙස ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහනි කරයි.
වශේෂයෙන් මුව ආවරණ නොපළඳින පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මෙහෙයුම් දෙගුණයකින් වැඩිකරන බව පැවැසූ ශවේන්ද්‍ර සිල්වා මහතා කොරෝනා මර්දන රාජකාරි කටයුතුවල යෙදෙන ආරක්ෂක අංශවල නිලධාරීන්ට උපරිම සහාය ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රකාශ කළේය