නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු පිටුවහල්

Spread the love

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට යාමට තැත් කිරීමේ චෝදනාව මත පසුගිය ජුලි 21 වනදා ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු යළි මෙරටට ගෙන්වා ගෙන තිබෙනවා.

එය පැමිණියේ ඕස්ට්‍රේලියානු වෙරළාරක්ෂක බලකායේ ඕෂන් ෂීල්ඩ් නෞකාවෙනි.

ඔවුන් වයස අවුරුදු 17-49 අතර වයස්වල පසුවන වසායිචේන, මඩකලපුව, පාසිගුඩා, අම්පාර, බිපිල සහ මුතූර් ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් කොළඹ වරායේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදුන් බව නාවික හමුදාව නිවේදනය කරයි.

මේ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වසරේ මේ දක්වා නීතිවිරෝධී සංක්‍රමණ පාලනය කිරීමේ ක්‍රියාමාර්ග හරහා නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශගත වීමට උත්සාහ කළ පුද්ගලයින් 1024 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.

වසර 2022 දක්වා මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 183 දෙනෙකු ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් අත්අඩංගුවට ගෙන යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති බව ද ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *