නිමල් සිරිපාල ද සිල්වා ඉල්ලා අස්වී තිබේ

Spread the love

වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ පෞද්ගලික සමාගමක් අතර සිදු වූ මුදල් හුවමාරුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ චෝදනාවක් එල්ල කළා.

ඒ අනුව එම චෝදනාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව පරීක්ෂණ අවසන් වනතුරු නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *