දිල්ලි ගින්න

Spread the love

දිල්ලි ගින්නෙන් මේ වන විට මළ සිරුරු 27ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය සත්‍යේන්ද්‍ර ජේන් ප්‍රකාශ කළේය.

දිල්ලි නුවර Mundka මෙට්‍රෝ දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි මහල් 4 කින් යුත් වාණිජ ගොඩනැගිල්ලක ඊයේ සවස හටගත් ගින්නකින් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මූලික වාර්තා පවසයි.

මේ වන විට ගොඩනැගිල්ලෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර තවත් පිරිසක් සිරවී ඇති බැවින් මියගිය සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවත් තුවාල සහිතව බේරාගත් බොහෝ දෙනෙක් අසල රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

දිල්ලි ගින්නෙන් මේ වන විට මළ සිරුරු 27ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය සත්‍යේන්ද්‍ර ජේන් ප්‍රකාශ කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “මෙය ඉතා කණගාටුදායක සිදුවීමක්. Mundka මෙට්‍රෝ ස්ටේෂන් අසල තට්ටු 4 කින් යුත් ගොඩනැගිල්ලක දරුණු ගින්නක් හටගෙන තිබේ. මේ වන විට මළ සිරුරු 27ක් සොයාගෙන ඇති අතර 8 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ඔහු පැවසීය.

නියෝජ්‍ය පොලිස් කොමසාරිස් (පිට දිස්ත්‍රික්) සමීර් ෂර්මා පැවසුවේ, “මේ වන විට පුද්ගලයින් 50 දෙනෙකු බේරාගෙන තිබෙනවා. ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි, ”ඔහු පැවසීය.

පවතින CCTV දර්ශන අනුව පළමු මහලේ සිට ගින්න පැතිර යන්නට ඇති බවයි වාර්තා වන්නේ. සමාගමේ හිමිකරුවන් ද පොලිස් අත්අඩංගුවේ පසුවේ.

තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගන්නා බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *