ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරිය නොහැකි

Spread the love

අතීතයේ සිදු වූ වැරදි, අත්දැකීම් බවට පත් කර ගනිමින් රට නිවැරදි මාවතට ගෙන යාම සඳහා නිර්මාණය කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතාවගේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කරන්නක් බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) ප්‍රකාශ කළේය.

ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට ඉඩක් නොමැත යන කාරණාව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර ඇති බව ද ඇමැතිවරයා පැවසුවේය.

වෙනත් රටක පුරවැසිභාවය ඇති කිසියම් පුද්ගලයකු රටට සේවයක් කිරීමට ආසාවෙන් සිටින්නේ නම් ඒ පුද්ගලයාට මෙරට පුරවැසිභාවය පමණක් ගෙන රටට සේවය කළ හැකි බවත් ජනතා සුබසිද්ධිය උදෙසා මෙම ව්‍යවස්ථා සංශෝධන ගෙන එන බවත් ඇමැතිවරයා පැවසුවේය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *