තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් ජනපති එංගලන්තය බලා පිටත්ව යයි

Spread the love

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (මැයි 04) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් එංගලන්තය බලා පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට අට දෙනකුගෙන් යුත් දූත පිරිසක් සහභාගි වීමට නියමිතය. අද අලුයම 03.15ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-649 දරණ ගුවන් යානයෙන් පිරිස ඩුබායි බලා පිටත්ව ගොස් ඇත. කණ්ඩායම ඩුබායි සිට වෙනත් ගුවන් යානයකින් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන සෙනසුරාදා (මැයි 06) වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී පැවැත්වීමට නියමිතය. තුන්වන චාල්ස් රජු එංගලන්තයේ රජු ලෙස කිරුළු පළඳන්නේ රටේ දීර්ඝතම රජකම් කළ ඔහුගේ මව වූ දෙවන එලිසබෙත් රැජිනගේ ඇවෑමෙන් මාස හයකට පසුවය. මෙම උත්සවයේදී III වන චාර්ල්ස් රජු රැජින සමඟ කිරුළු පළඳවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *