තමිල්නාඩුවේ සහනාධාර රැගත් නෞකාව ශ්‍රී ලංකාවට

Spread the love

තමිල්නාඩුවේ සිට ශ්‍රී ලංකාවාසීන් වෙත එවන ලද රුපියල් බිලියන 3 ක පමණ මානුෂීය ආධාර අද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ මේ බව ප්‍රකාශ කර ඇත.

ඊයේ තූතුකුඩියෙන් පිටත් වූ නෞකාව අද කොළඹ වරායට සේන්දු විය. පිළිගැනීමේ උත්සවයට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ නිලධාරීන් එක්ව සිටියහ.

ඉන්දියාව මීට පෙර ලබාදුන් පළමු මානුෂීය ආධාර කණ්ඩායම පසුගිය මැයි 18 වැනිදා ලැබුණු අතර, එහි දෙවන වාරිකය අද ලැබී තිබෙනවා. මහ කොමසාරිස් කාර්යාලයට අනුව, නෞකාවේ තමිල්නාඩුවේ සිට භාණ්ඩ මෙට්‍රික් ටොන් 15,000ක් පමණ ප්‍රවාහනය කරමින් තිබූ අතර ඊට සහල්, ෆාම් ඔයිල් සහ අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සහය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *