ඩයනා ගමගේගේ ව්‍යාජ ලේඛන නඩුවේ නඩු විභාගයට දින නියම කෙරේ

Spread the love

තමන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බව දැන දැනත් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ජාතික හැඳුනුම්පතක් ලබා ගත් බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණය අද විභාගයට ගැනීමට නියම කළා.

පැමිණිල්ලේ සාක්ෂිකරුවන් තිදෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරමින් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නඩු විභාගය ජනවාරි 9 වැනිදාට නියම කළේය.

2004 ඔක්තෝබර් 9 වැනිදා සිට 2004 දෙසැම්බර් 01 වැනිදා දක්වා කාලය තුළ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම ඇතුළු චෝදනා තුනක් යටතේ ඩයනා ගමගේට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ගොනු කළේය.

ද්විත්ව පුරවැසිභාවය නොමැතිව ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින බ්‍රිතාන්‍ය පුරවැසිභාවය පිළිබඳ පැමිණිල්ලක් සම්බන්ධයෙන් 2021 දී CIDය විසින් ඩයනා ගමගේට එරෙහිව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට B වාර්තාවක් ගොනු කරන ලදී. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *