ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටේ ණය වැඩසටහන පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡා

Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටේ ණය වැඩසටහන පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡා ළඟදීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡා ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

අරමුදල තවමත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් සමඟ තාක්ෂණික සම්බන්ධතා පවත්වමින් සිටින අතර ඉහළ මට්ටමේ සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එම අරමුදලේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ නිවේදනයෙන් පසු වත්මන් අර්බුදය විසඳා ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *