ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය ස්ථායිතාව සහතික කිරීම සහ මහජනතාවට ජල සේවා බාධාවකින් තොරව ලබාදීම සහතික කිරීම සඳහා මෙම ගාස්තු සංශෝධනය සිදු කළ යුතු බව රජය පවසයි.
ඒ අනුව දැනට පවතින ජල ගාස්තු සහ මලාපවහන ගාස්තු සමාලෝචනය කිරීමට ජල සම්පාදන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දැනට පවතින අධීක්ෂණ පිරිවැය සහ ප්‍රාග්ධන ණය සේවා වගකීම පියවා ගැනීමට මෙම සංශෝධනය උපකාරී වනු ඇතැයි රජය ප්‍රකාශ කළේය.
මේ අතර ආගමික ස්ථාන, පාසල් වැනි ස්ථාන සඳහා යම් පරිභෝජන සීමාවක් දක්වා සහන ලබාදීමට ද අමාත්‍යාංශය යෝජනා කර තිබෙනවා.
2016 වසරේ පානීය ජල ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කළද එය ක්‍රියාත්මක වී නොමැති බව වාර්තා වේ.