ජනාධිපති මන්දිරයේ සිට මහජනතාව විසින් පොලිසියට භාරදුන් රුපියල් මිලියන 17ක් සම්බන්ධයෙන් අද අධිකරණයට දැනුම් දුන්නා.
පෙරේදා රට තුළ ඇති වූ උද්ඝෝෂණයෙන් අනතුරුව ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට සහ ඇලරි මැදුරට ජනතාව ඇතුළු වී තිබිණි. මේ තත්ත්වය තුළ ඇතැමුන් ජනාධිපති මන්දිරයේ තිබූ රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස් දහසක් අයකරගෙන කොළඹ කොටුව පොලිසියට භාරදුන්නා.
ඉන් අනතුරුව එම මුදල් අද අධිකරණයේ කිරා මැන බලා ඊට අදාළ දේශන ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය අංශය මීට පෙර දැනුම් දී ඇත.