ගොවි ගැටලුවලට කඩිනමින් විසඳුමක් – කෘෂිකර්ම ඇමැති

Spread the love

කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීමේදී ගොවීන් මුහුණ දී සිටින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඇතැම් අඩුපාඩු සපුරාලීම සඳහා බලශක්ති අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (6) කන්තගාඩු ප්‍රදේශයේ කුඹුරුවල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

එළැඹෙන සහල් අස්වනු නෙළන කාලය සඳහා පමණක් නොව ඉදිරි වගා කාලය සඳහා ද ඉන්ධන සැපයීමේ ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසීය.
ඒ සමගම මහ කන්නයේ වී සඳහා වැඩි මිලක් ගෙවීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

වී අලෙවි මණ්ඩලය ලබන සතියේ සිට වී මිලදී ගැනීම ආරම්භ කරනවා.

කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ වී අලෙවි මණ්ඩලය වී ප්‍රසම්පාදනය ආරම්භ කරන විට පෞද්ගලික අංශයට වැඩි මිලක් ගෙවීමට අපේක්ෂා කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *