ගුරුවරුන්ටත් සහනයක් අවශ්‍යයි – ශ්‍රී ලංකා ගුරු සංගමය

Spread the love

දිනකට රුපියල් 1000ක් වියදම් කර පාසලට එන ගුරුවරුන්ටත් සහනයක් අවශ්‍යයි – ශ්‍රී ලංකා ගුරු සංගමය

දිනකට රුපියල් දහසකට වැඩි මුදලක් වියදම් කර පාසල් යන ගුරුවරුන්ට යම් සහන සැලැස්මක් අවශ්‍ය බව ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඊයේ (18) පැවසීය.

නගරයේ දුෂ්කර ප්‍රදේශවල පාසල්වලට පැමිණීමට සිසුන් හා ගුරුවරුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවත් ප්‍රවාහනයට පමණක් විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවත් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් ඒ මහතා පැවැසීය.

එහි බරපතළකම තේරුම් ගැනීමට නම් පළාත්වලට පැමිණිය යුතු බවත් ඊයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී වත්මන් තත්ත්වය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට හැකි වූ බවත් ඔහු සඳහන් කළේය.

ආර්ථික ගැටලු සහ ගමනාගමන දුෂ්කරතා හේතුවෙන් පාසල් පවත්වාගෙන යාමේ විශාල අර්බුදයක් මතුව ඇති බවද ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *