කෝපාවිෂ්ට මිනිසුන් විසින් දේශපාලකයන්ගේ දේපළ විනාශ කරයි!

Spread the love

රටපුරා ඇතැම් නගරවල දේශපාලනඥයන්ගේ වාහන සහ නිවාස ගිනි තබා ඇත.
මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ නිවසට පිරිසක් ගිනි තබයි.

මොරටුව – විල්ලෝරවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පිරිසක් ඔහුගේ නිවසට පහර දී ගිනි තබා ඇති අතර එහිදී තත්ත්වය පාලනය කර ඇති බවයි වාර්තා වන්නේ.
මොට්ටු පක්ෂ ආධාරකරුවන් විසින් අද (09) කොළඹට රැගෙන ගිය දේශපාලනඥයා උදේනි අතුකෝරලගේ නිවසට ද ප්‍රදේශවාසීන්ගේ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසාගේ නිවසට සහ සනත් නිශාන්තගේ නිවසට විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බව වාර්තා වේ.

එමෙන්ම හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ විල්ගොඩ කාර්යාලයට සහ එහි තිබූ වාහනවලටද හානි සිදුව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *