රටේ පවතින ආර්ථික අර්බුදයට සහ ආහාර අර්බුදයට විසඳුමක් ලෙස කොළඹ මහ නගර සභා පරිශ්‍රයේ උද්‍යාන වගාව ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිර්දේශය පරිදි මෙම වගාව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරේ.
කොළඹ මහනගර සභා කාර්ය මණ්ඩලය විසින් වගා කිරීමට ඉඩම සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව නිරීක්ෂණය විය.
මෙහිදී රටේ ජනතාවට හැකිතාක් කුඩා ගෙවතු වගාවේ යෙදීමට අවශ්‍ය පහසුකම් රජයෙන් ලබා දෙනවා. මෙයින් ප්‍රයෝජන ගන්නා ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම වගාව සඳහා අවශ්‍ය උපකාර සහ උපදෙස් ලබා ගැනීමට සාමාන්‍ය ජනතාවට හැකි වේ. මේ හරහා තක්කාලි, වට්ටක්කා, පිපිඤ්ඤා, මිරිස් වැනි භෝග වගා කිරීමේදී අමතර ආදායමක් උපයා ගැනීමටත්, වියදම් අඩුකර ගැනීමටත් ජනතාවට හැකිවීම ද විශේෂත්වයකි.