කිරි නිෂ්පාදනය අඩුවීම නිසා ප්‍රෝටීන් ඌනතාවයෙන් පීඩාවට පත් ජනගහනය

Spread the love

සමස්ත ශ්‍රී ලංකා පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පෙන්වා දෙන්නේ කිරි නිෂ්පාදනය සියයට 40 කින් අඩුවී ඇති බවයි.

ආහාර, ඖෂධ සහ එන්නත් හිඟය සහ ආනයන තහනම හේතුවෙන් දේශීය කිරි නිෂ්පාදනය පහත වැටී ඇති බව ද ඔහු සඳහන් කළේය.

මේ නිසා ජනතාව ප්‍රෝටීන් ඌනතාවයෙන් පෙළෙන බවත්, ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීම සඳහා දරුවෙකුට දිනකට කිරි මිලි ලීටර් 150ක් ලබා දිය යුතු වුවද, එතරම් ප්‍රමාණයක් ලබා දීමට නොහැකි බවත් ඔහු අවධාරණය කරයි.

ඉන්ධන හිඟය හේතුවෙන් පශු සම්පත් කර්මාන්තයට අවශ්‍ය ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය ප්‍රවාහනයට සහ දියර කිරි ප්‍රවාහනයට බාධා එල්ල වී ඇති බැවින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් දැඩි පීඩනයකට ලක්ව සිටින බව ඔහු පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *