නේටෝ සංවිධානයට එක්වන ස්වීඩනය ෆින්ලන්තයට සහය දෙන බව කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ පවසා තිබේ.
ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ හමුදා සන්ධානයට එක්වීමට සූදානම් වෙති.
රුසියාව මෙයට දිගින් දිගටම විරුද්ධ වෙද්දී කැනඩාව සිය සහය පළ කර ඇත.
නේටෝ සංවිධානයට එක්වීම සඳහා ස්වීඩනය සහ ෆින්ලන්තය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව මාධ්‍යවේදීන් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී කැනඩා අගමැතිවරයා ප්‍රකාශ කළ අතර, කැනඩාව නිසැක වශයෙන්ම දෙරටටම සහය දක්වන බවද ප්‍රකාශ කළේය.