ජනාධිපතිවරයා මුදල් ලේකම්ට උපදෙස් දෙයි: කාලගුණයෙන් බලපෑමට ලක් වූ සහන සඳහා හදිසි අරමුදල් නිකුත් කරන්න
මේ වසරේ නිරිතදිග මෝසම් වර්ෂාවෙන් පසු ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය මුදල් කඩිනමින් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
ඊට අමතරව, ආපදා තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ සියලුම නිවාස ඉදිරි මාස දෙක තුළ රජයේ, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහය ඇතිව යළි ඉදිකර දෙන ලෙස ජනාධිපතිවරයා අදාළ පාර්ශවයන්ට උපදෙස් දී තිබේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩපිළිවෙළ සඳහා පුළුල් සැලැස්මක් හෙට ක්‍රියාත්මක කෙරේ.
වාර්තාව කේ.අනීතා විසිනි