අජිත් නිවාඩ් කබ්රාල් ඇප මත නිදහස්
රට අබලන් වී ඇති ආර්ථික අර්බුදයට තමන් වගකිව යුතු බවට ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය විසින් අද ඇප මත මුදා හැර තිබේ. කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවල මහතා කබ්රාල් රුපියල් කෝටියක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළේය.
හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට රටින් පිටවීම වළක්වාලමින් ලබාදුන් නියෝගය නොවැම්බර් 24 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කළේය.මේ අතර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෞද්ගලික පැමිණිල්ල පවත්වාගෙන යාමේ හැකියාව අභියෝගයට ලක් කරමින් විරෝධතා ඉදිරිපත් කළේය. මීළඟ නඩු දිනයේදී විරෝධතා ගොනු කරන ලෙස අධිකරණය දෙපාර්ශවයට නියම කළේය.
ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය