ඖෂධ මිල වැඩි කරන්න කියලා

Spread the love

ඖෂධ මිල තවත් 20%කින් ඉහළ දමන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ මණ්ඩලය ඊයේ (28) ඖෂධ නිෂ්පාදන හා බෙදාහැරීම් අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 300 දක්වා ඉහළ යාමත් සමඟ ඖෂධ ආනයනකරුවන් ඖෂධ මිල ඉහළ දමන ලෙස ඉල්ලා තිබේ.

මිල ඉහළ නොයන්නේ නම් මිල පාලනය ඉවත් කළ යුතු බවද ඔවුන් පෙන්වා දෙනවා.

ඖෂධ හැටක් දැනට මිල පාලනයට යටත් වේ.

මීට සති දෙකකට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඖෂධ මිල 29%කින් වැඩි කිරීමට අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව පැරසිටමෝල් පෙත්ත රුපියල් 1.59 සිට රුපියල් 3 දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත්, පවතින තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (30) පැවැත්වෙන බව ඖෂධ නිෂ්පාදන හා බෙදාහැරීම් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *