බ්‍රිතාන්‍යයේ පෙර නොවූ විරූ උණුසුම හේතුවෙන් දුම්රිය සංඥා දියවී ගොස් දුම්රිය ගමනාගමනයට බරපතළ හානි සිදුවී තිබේ.
හිරු කිරණ හේතුවෙන් දුම්රිය සංඥා දියවන අයුරු දැක්වෙන ඡායාරූප එරට ජාතික දුම්රිය සේවයේ නිල ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ නිකුත් කර තිබෙනවා.
දුම්රිය ගමන්වලදී ප්‍රවේසම් වන ලෙස ද ජනතාවට දැනුම් දී ඇත. එංගලන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා වාර්තා වීම නිසා සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
මේ අතර ලන්ඩනයේ මහල් ගොඩනැගිල්ලක මුදුනේ හටගත් ගින්නක් ගිනි නිවන රථ 25ක් විසින් නිවා දමා ඇත.
යුරෝපයේ පෙර නොවූ විරූ උණුසුම මධ්‍යයේ නැගෙනහිර ලන්ඩනයේ පිහිටි ටවර් බ්ලොක් මහල් ගොඩනැගිල්ලක 17 වැනි මහලේ හදිසි ගින්නක් හටගැනීම විශේෂත්වයකි