කයිරෝවට උතුරින් ඊජිප්තුවේ කලියූබියා පළාතේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් 98 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙම දුම්රිය කයිරෝවේ සිට නයිල් ඩෙල්ටා නගරය වන මන්සෝරා බලා යමින් සිටියදී ප.ව. 1:54 ට මැදිරි හතරක් පීලි පැන තිබේ. අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතින බව එම වාර්තාවේ දැක්වේ.
