.
පළමු ඩීසල් තොගය අද (16) රටට ලැබුණු බව බලශක්ති අමාත්‍ය කංජන විජේසේකර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ඩීසල් තොගය අද අලුයම කොළඹට පැමිණි බවයි.
ගුණාත්මක සාම්පල මේ වන විට පරීක්ෂා කරමින් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම දෙවන ඩීසල් තොගය අද පැමිණෙන බවත් එයද මෙම ක්‍රියා පටිපාටියට අනුව පරීක්ෂා කරන බවත් අමාත්‍යවරයා කියා සිටියා.
මේ අතර, පළමු පෙට්‍රල් තොගය ජූලි 18-19 දිනවල දිවයිනට පැමිණේ.
එම යාත්‍රා තුන සඳහා අවශ්‍ය ගෙවීම් අවසන් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය