ඉන්ධන මිල ඉහළ නැංවීමට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල දැවැන්ත විරෝධතා

Spread the love

ඉන්ධන හිඟයට සහ මිල ඉහළ යාමට විරෝධය පළකරමින් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතා විරෝධතා ක්‍රියාත්මකයි.

ජනතාව ප්‍රධාන මාර්ග කිහිපයක වාහන අවහිර කර අරගලයක නිරත වුණා. මේ හේතුවෙන් එම මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතිනවා.

විරෝධතාව හේතුවෙන් හලාවත, කොළඹ, අවිස්සාවේල්ල, කොළඹ, මහනුවර, මහියංගනය, රත්නපුර, රඹුක්කන, කෑගල්ල, ගාල්ල, බදුල්ල, කොළඹ, හපුතලේ සහ මාතර යන ප්‍රදේශවල මාර්ග වසා දමා තිබුණි.

විරෝධතා හේතුවෙන් කොළඹ සිට රඹුක්කන දක්වා සහ මහනුවර මාර්ගයේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය කඩිගමුව දක්වා සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *