ඉන්ධන නොමැති වුවහොත් අම්පාරේ වී වගාව විනාශ වීමේ අවදානමක්

Spread the love

ඉන්ධන නොමැති වුවහොත් අම්පාරේ වී වගාව විනාශ වීමේ අවදානමක් පවතී

ඉදිරි දින කිහිපය තුළ වී අස්වනු නෙළීමට යොදා ගන්නා යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන සංචිත නොමැති වුවහොත් අම්පාර දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවන් විනාශ වීමේ අවදානමක් මතුව තිබේ.


කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසුවේ, වී අස්වනු නෙලීම සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නිසි පරිදි ගණනය කර ඛනිජ තෙල් අමාත්‍යාංශයට ලබාදී ඇතත් ඊට අවශ්‍ය ඉන්ධන සංචිත ලබාදීමට අදාළ බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බවයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දුන්නේ මෙවර වී අස්වැන්න නිසිලෙස නොගතහොත් ඉදිරියේදී ඇතිවීමට නියමිත සහල් හිඟය තවත් උග්‍ර විය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *