ඩොලර් මිලියන 500 ක ඉන්ධන ණය පහසුකම වැඩි කරන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ඉන්දියාව එකඟ වී තිබේ.
ඒ අනුව ඉන්ධන මිලදී ගැනීම සඳහා ලබාදීමට එකඟ වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 750 දක්වා ඉහළ නංවා තිබේ.
මේ වනවිට එහි වැඩකටයුතු අවසන් වෙමින් පවතින බවද වාර්තා වේ.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟ කොළඹදී පැවති හමුවකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම ඉල්ලීම කර තිබේ.
ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීමට මසකට ඩොලර් මිලියන 500ක් අවශ්‍ය වේ