විදුලිබල පද්ධතිය සම්බන්ධ කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා පැවැත්වෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරයක නිරතව සිටින අතරතුර ඉන්දීය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ මෙම හමුව සිදුවූ අතර ඉන් අනතුරුව යළි සාකච්ඡා ආරම්භ වූ බව එහි සඳහන්.
ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව තුළ චීනයේ බලපෑම අවම කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වන බවද ඔවුහු පවසති.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන පරිදි සාකච්ඡා මූලික අදියරේ පවතී