ඉන්දියාවෙන් ලංකාවට ඖෂධ පරිත්‍යාග කිරීම

Spread the love

ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් 15,500ක් වටිනා ඖෂධ පරිත්‍යාග කර ඇත.

ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවකින් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 95ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරුණා.

කොළඹ වරායේ දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බැග්ලි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත මෙම පැකේජය පිළිගැන්වීය.

ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය හමුවේ ඉන්දියාව ලබාදුන් සහයෝගයට ස්තූතිය පළ කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සෑම දුෂ්කර මොහොතකදීම අසල්වැසියාට උපකාර කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තුතිය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *