ඉදිරියේදී ආදායම් බදු වැඩි කළ යුතුයි – මුදල් ඇමැති

Spread the love

ඉදිරියේදී ආදායම් බදු වැඩි කළ යුතු බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසා තිබේ.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (04) පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අමතමිනි.

2022 වසර සඳහා වන අයවැය නුදුරේදීම ඉදිරිපත් කරන බවත්, එමගින් ආදායම් බදු වැඩි වන බවත් ඔහු පැවසීය.

උපයන අය මුදල් ටිකක් බෙදා ගත යුතුයි. එසේ නොවුණහොත් සමාජය පිරිහෙනවා. ඉදිරි වසර දෙක තුන තුළ බදු ආදායම සියයට 15කින් පමණ ඉහළ යා යුතුයි.

පසුගිය කාලයේ බදු වැඩි කළ යුතු කාලය තුළ රජය බදු අඩු කළ බවත් අද එහි ප්‍රතිලාභ ලැබිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවෙන් දැනට පවතින විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 50කට වඩා අඩු බව මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *