ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට යුරෝ ලක්ෂ 3ක හදිසි ආධාර ලබාදීමට ඉතාලිය තීරණය කර ඇති බව කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය නිවේදනය කරයි.
“මෙම මූල්‍ය දායකත්වය සපයනු ලබන්නේ ලෝක ආහාර වැඩසටහන (WFP) විසිනි. එමෙන්ම වඩාත් අවදානමට ලක්වූවන් සඳහා ආහාර ආධාර සහ වවුචර්පත් බෙදාදීම වැනි වැඩසටහන් ද මෙම අරමුදල හරහා සිදු කෙරෙන බව තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ;
ශ්‍රී ලංකාව තුළ ආහාර අනාරක්ෂිතභාවය ඉහළ යමින් පවතින මොහොතක, ජාත්‍යන්තර ප්‍රජාව සිය උත්සාහය වේගවත් කර ශ්‍රී ලංකාවට සිය සහයෝගය දැක්වීම අතිශයින් වැදගත් යැයි අපි විශ්වාස කරමු. මෙම හදිසි ආධාර මෙහෙයුම ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර සම්ප්‍රදායිකව ශක්තිමත් හවුල්කාරිත්වයේ රාමුව තුළ ක්‍රියාත්මක වන අතර පසුගිය අප්‍රේල් මාසයේදී ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා යුරෝ 350,000 ක අරමුදලක් ප්රදානය කරන ලදී.
එමෙන්ම 2004 සුනාමියෙන් පසුවත් ශ්‍රී ලංකාවට අවශ්‍ය වූ සෑම අවස්ථාවකම ඉතාලිය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය ලබාදී ඇත. මීට අමතරව, ඉතාලිය කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම අරමුණු කරගත් පූර්ව මුලපිරීම් සඳහා සහාය දුන් බව කියනු ලැබේ