ඇමරිකාවට පළිගැනීමට චීනය තායිවානය වටකරයි!

Spread the love

චීනයේ දැඩි විරෝධතා සහ අනතුරු ඇඟවීම් මධ්‍යයේ ඇමරිකානු කථානායක නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයට එරෙහිව චීනය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. එනම් තායිවානය ආසන්න මුහුදේ ස්ථාන 06කින් රට වටකර දැවැන්ත හමුදා පුහුණුවක් ආරම්භ කර ඇති බවයි.

මෙය චීනය විසින් සිදුකළ විශාලතම යුද අභ්‍යාසවලින් එකක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙය සිදු කරනු ලබන්නේ තායිවානයේ සිට සැතපුම් 12 ක් දුරින් පිහිටි අක්වෙරළ ප්‍රදේශයක බව ද සඳහන් කිරීම වටී. මේ අතර, තායිවානය සමඟ වෙළෙඳ ගනුදෙනු කිහිපයක් අත්හිටුවීමට චීනය දැනටමත් පියවර ගෙන තිබේ.

චීනය තායිවානය අවට මුහුදේ සහ ගුවන් සීමාවේ යුද අභ්‍යාස පවත්වද්දීත් එරට කථානායකවරයා රැගත් ඇමෙරිකානු හමුදා ගුවන් යානයක් ඇමෙරිකාවේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ. කෙසේ වෙතත්, චීනයේ යුධ අභ්‍යාස තවදුරටත් ක්‍රියාත්මකයි.
ජාත්‍යන්තර විචාරකයින් චීනයේ මෙම පියවර විස්තර කර ඇත්තේ නාවික සහ ගුවන් ගමනාගමනය අවහිර කිරීමක් ලෙසය.

තායිවානය සහ එක්සත් ජනපදය හමුදා අභ්‍යාසයට ප්‍රතිචාර දක්වා ඇත. කලාපයේ තත්ත්වය වෙනස් කිරීමට චීනය උත්සාහ කරන බව තායිවානය පවසයි. චීනය වගකීම් විරහිත ක්‍රියාවක් බවට ඇමෙරිකාව චෝදනා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *