ඇතැම් රටවල් සඳහා තැපැල් භාණ්ඩ භාර ගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ශ්රී ලංකාව වෙත ගුවන් ගමන් සීමා කිරීම සහ අත්හිටුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව එක්සත් ජනපදය, නෙදර්ලන්තය, ඊශ්රායලය සහ රුසියාව වෙත ගුවන් තැපෑල සහ භාණ්ඩ භාර ගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.
ඉන්ධන සැපයීමේ දුෂ්කරතා හේතුවෙන් රට තුළ තැපැල් බෙදා හැරීමේ ප්රමාදයක් සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් වාර්තා කරයි.