ආණ්ඩුව පෙරලීම සඳහා පොදු පෙරමුණට එක්වන ලෙස  ජවිපෙ හිටපු සහෝදරවරුන්ට ආරාධනා කරයි

Spread the love

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායක පේ‍්‍රමකුමාර් ගුණරත්නම් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සගයන්ගෙන් ආණ්ඩුව පෙරළන ලෙස ඉල්ලා ඇත. කෑගල්ල නගර ශාලාවේ පැවැති පෙසප රැස්වීමක් අමතමින් ගුණරත්නම් මෙසේ කීවේය. මේ වගේ තත්වයක්. මේ අරගලයට අපි එකතු වෙන්න කියලා ජනතාව ඉල්ලනවා. ඒ නිසා අපි ජවිපෙ සහෝදරයන්ගෙන් ඉල්ලා සිටින්නේ ධනපති බලවේගවල උගුල්වලට නොවැටී සිටින ලෙසයි. මේ ආණ්ඩුව පරාජය කරන්න අපි එකතු විය යුතුයි.”

ගුණරත්නම් කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ක්‍රමය කෙරෙහි විශ්වාසය තැබීම කණගාටුවට කරුණක් බවයි.

“ඒ ක්‍රමයට තවදුරටත් වටිනාකමක් නැහැ. එය ගරා වැටෙමින් තිබේ. පාර්ලිමේන්තු ක්‍රමය හරහා ජනතා ප්‍රශ්න විසඳන්න බැහැ. අපි අරගලය පාර්ලිමේන්තුවෙන් පිටතට ගෙන යා යුතුයි. අපි පාර්ලිමේන්තුවෙන් පිටත බල කේන්ද්‍රයක් ගොඩනැගිය යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *