. ඇමැති මාරුවට එරෙහිව ඊයේ ගාලුමුවදොර අරගල බිමේදී අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමෙන් කිසිම ඵලක් නොවන බවත් රාජපක්‍ෂවරුන් ප්‍රමුඛ වර්තමාන රජය ගෙදර යන තුරුම සිය අරගලය අත්නොහරින බවත් දින 10 ක් තිස්සේ ගාලුමුවදොර අරගලයට එක්ව සිටින ජනතාව එක හඬින් කියා සිටිති. ඊයේ දහවැනි දිනටත් පැවති ජන අරගලයට සහාය පළකිරීම සඳහා කලාකරුවන්, ක්‍රීඩකයන්, නීතීඥවරුන්, විවිධ වෘත්තිකයන් ඇතුළු දහස් ගණනක් ජනතාව ගාලුමුවදොර භූමියට පැමිණ සිටියහ.