අලුත් අවුරුද්දට පෙර ගම්බිම් බලා යන ජනතාවට හෙට සිට 15 වැනිදා දක්වා විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කරයි.
මගීන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අදියර දෙකකින් සමන්විත විශේෂ බස් රථ සේවාව අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පළට අමතරව කඩවත, කඩුවෙල සහ මාකුම්පුර යන විවිධ ප්‍රවාහන ස්ථානවල මෙම විශේෂ ප්‍රවාහන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර ඇති බව කොමිසම සඳහන් කළේය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෞද්ගලික බස් රථ සඳහා ඞීසල් නොමැති වුවහොත් අවුරුදු ප්‍රවාහන සේවා කි‍්‍රයාත්මක කිරීමේදී ගැටලූ මතුවන බවයි.