අලුත් අවුරුද්දට සතොසෙන් සහන පැකේජයක්

Spread the love

දෙමළ සිංහල අලුත් අවුරුද්දට පෙර දින ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩු මිලට අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5කින් සමන්විත සහන මල්ලක් පාරිභෝගිකයන් වෙත ලබාදීමට වාණිජ අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

සහල්, කිරිපිටි, සීනි සහ තේ අඩංගු මෙම ලංකා සතොස සහන මල්ල රුපියල් 1950 කට අලෙවි කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම නිෂ්පාදන පහ සමඟ සාමාන්‍ය වෙළඳපල මිලට වඩා රුපියල් 700ක් හෝ ඊට වැඩි මුදලක් පාරිභෝගිකයින්ට හිමිවන බව වාර්තා වේ.

ලංකා සතොස අලෙවිසැල් මගින් මෙවර සහන මල්ල මේ මස 9 වැනිදා සිට බෙදා හැරීමට නියමිත බව වාර්තා වේ.

සහන පැකේජයට පහත සඳහන් දෑ ඇතුළත් වේ:
රට සහල් කිලෝග්‍රෑම් 5, සම්බා සහල් කිලෝග්‍රෑම් 05, හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400, දුඹුරු සීනි කිලෝග්‍රෑම් 1, තේ ග්‍රෑම් 100

Leave a Reply

Your email address will not be published. Required fields are marked *