අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය ධාවනය අත්හිටුවයි

Spread the love

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකර ප්‍රදේශය දක්වා වූ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම්වරයා සඳහන් කළේය.

විශේෂයෙන් දුම්රිය මාර්ගයට ගස් කඩා වැටී පස් කඳු ද කඩා වැටී ඇති බවයි ඔහු කියා සිටියේ.

කොටකාලයි – තලවාකාලෙයි, ග්‍රේට් වෙස්ටන්, රොසල්ල – වට්ටවෙල, වට්ටාවෙල – කලපෝඩ සහ ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර මෙම අනතුරු වාර්තා වී ඇත.

මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය නාවලපිටි දුම්රිය ස්ථානයේ නතර කර තිබෙනවා.

දුම්රිය තුළ සිටින මගීන්ට විකල්ප වැඩපිළිවෙළක් සකස් කළ නොහැකි බවද ඔහු කියා සිටියේය.

මේ හේතුවෙන් අද දිනයේ කොළඹ කොටුවේ සිට බදුල දක්වා සහ බදුල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය දෙකක් අවලංගු කර ඇති බව ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *