නව රජයේ ප්‍රතිපත්තිවලට අනුව අධ්‍යාපනයට ඉහළ ප්‍රමුඛතාවයක් ලබාදී ඇති අතර පාසල් අධ්‍යාපනය විධිමත්ව, ක්‍රමානුකූලව සහ මනාව නිර්වචනය කළ කාලසටහනකට අනුව ක්‍රියාත්මක කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
ඇය මේ අදහස් පළ කළේ අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අද එම අමාත්‍යාංශයේදී වැඩ භාර ගනිමින්.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ දරුවන්ට සතුටින් අධ්‍යාපනය ලැබිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ඉතා වැදගත් බවයි. අධ්‍යාපන ක්ෂේත්රයේ දැනට පවතින ගැටලු කඩිනමින් විසඳීම වැදගත් බව පැවසූ ඇය එම ඉලක්කය සපුරා ගැනීම සඳහා සියලු දෙනාගේ නොමඳ සහයෝගය අත්‍යවශ්‍ය බව අවධාරණය කළාය.
“අධ්‍යාපනය වැනි වැදගත් ක්ෂේත්රයක අමාත්‍ය ධුරයක් භාර ගැනීමට ලැබීම ගැන මම නිහතමානීව සතුටු වන අතර මෙම වගකීමේ බරපතලකම මට හොඳින් වැටහෙනවා,” ඇය පැවසුවාය.