අගමැති නරේන්ද්‍ර මෝදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතයි

Spread the love

නව ජනාධිපතිවරයා ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් එක් කර තිබෙනවා.

ජනාධිපති වික්‍රමසිංහ වෙත සිය සුබපැතුම් ලිපියේ අග්‍රාමාත්‍ය මෝදි ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා ඉන්දියාවේ සහය නැවත අවධාරණය කළේය.

ජනතාවගේ අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *