හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඇයගේ නීතීඥවරුන් විසින් ගොනු කර තිබූ ඇප අයදුම්පත සලකා බැලීම සඳහා අද (22) කැඳවූ අවස්ථාවේදීය.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මෙම නියෝගය නිකුත් කළේ අදාළ ඇප අයදුම්පතට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය ජූලි 11 වැනිදා ඉදිරිපත් කළ විරෝධතාවලට අනුවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අභියාචනාධිකරණයට අභියාචනාධිකරණයට අභියාචනයක් ගොනු කළේ පසුගියදා කොළඹ මහාධිකරණය වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරමින් ලබාදුන් තීන්දුව බලරහිත කරන ලෙසත් එම නඩුවෙන් තමා නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලා සිටිමිනි.
වාර්තාව කේ.අනීතා විසිනි