සිමෙන්ති මිල ඉහළ යෑමෙන් ඉදිකිරීම් සේවකයන්ගේ රැකියා අහිමිවීම

Spread the love

සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ඉහළ යෑම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය ද දැඩි අර්බුදයකට මුහුණ පා සිටී.
සමස්ත ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපති නුවන් සුමේධ මහතා පැවසුවේ, සිමෙන්ති ඇතුළු භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් මේ වනවිට රට එම ක්ෂේත්‍රයේ දැඩි පසුබෑමකට ලක්ව ඇති බවයි.

තම ආයතනයේ සේවකයන් 15-20ක් පමණ සිටි බවත් මේ වන විට සේවකයන් 5කට අඩු සංඛ්‍යාවක් සේවය කරන බවත් රටපුරා මෙවැනි තත්ත්වයක් දක්නට ලැබෙන බවත් ඔහු පැවසීය.

මේ අතර, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසුවේ, හම්බන්තොට නව කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමෙන් පසු සිමෙන්ති සාධාරණ මිලකට වෙළෙඳපොළට නිකුත් කරනු ඇතැයි තමන් සිතන බවයි.

එමෙන්ම මේ වනවිට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1900/- දක්වා ඉහළ ගොස් ඇත. මේ වනවිට එම වෙළෙඳපොළ මාෆියාවක් ලෙස ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *