සැපයුම අඩු වෙද්දී නැවතත් ඉන්ධන පෝලිම?

Spread the love

ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය පවසන්නේ රට තුළ යළිත් ඉන්ධන පෝලිම් ඇතිවීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවයි.

සෑම සතියකම ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන සැපයීම අඩුවන බැවින් ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම් නිර්මාණය වන බවද අනතුරු ඇඟවීමේ නිවේදනයේ සඳහන් වේ.

ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන පිරවුම්හල්වලට කිසිදු ගැටලුවකින් තොරව ඉන්ධන සැපයීමට හැකියාව තිබියදී තෙල් සංස්ථාවේ පිරවුම්හලට පමණක් ඉන්ධන සැපයීමේදී ගැටලු මතුව ඇති බවද එම සංගමය පෙන්වා දුන්නේය.

මේ අතර ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පෙන්වා දෙන්නේ QR ක්‍රමයට ඉන්ධන ලබාගැනීමට ජනතාව පැමිණීම හේතුවෙන් මෙම හිඟය මතුව ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *