ලෝක බැංකු වාර්තාවකට අනුව ලෝකයේ ඉහළම ආහාර උද්ධමනය ඇති රටවල් අතර ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයේ සිටී.
සෙසු රටවල් වන ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව සහ තුර්කිය ඉදිරියෙන් සිටී.
ඒ සමගම ඇමරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කේ පැවසුවේ ලෝකයේ රටවල් අතර ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි.
ස්ටීව් හැන්කේගේ නවතම උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව සිව්වන ස්ථානය දක්වා පහත වැටී තිබේ.
ශ්‍රී ලංකාව මීට පෙර මෙම දර්ශකයේ දෙවැනි ස්ථානයට පත්ව සිටි අතර එය සිම්බාබ්වේට ඊළඟට සිටීම විශේෂත්වයකි.