මේ වනවිට සමනලවැව ජලාශ ප්‍රදේශවලට ඇදහැලෙන සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් සමනලවැව ජලාශයේ ජල මට්ටම දිනෙන් දින ඉහළ යමින් පවතී.
සමනලවැව ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල පසුගිය මාස කිහිපයේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශයේ ජල මට්ටම විශාල ලෙස පහත වැටී තිබෙනවා.
මේ අතර ඉන්ධන හිඟය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය ඉහළ යාමද ජල මට්ටම පහත වැටීමට තවත් හේතුවකි.
ජල මට්ටම අඩුවීමත් සමඟ ප්‍රදේශයේ ජනතාව වාර්තා කළේ තැනිතලාව දෙපස ඇතැම් ඉඩම්වල අනවසරයෙන් කැණීම් සිදුකරන බවයි.