අගමැති ලෙස හරිනි අමරසූරිය දිවුරුම් දෙයි
ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.
ඇය කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
ඒ අනුව ඇය ශ්‍රී ලංකා ඉතිහාසයේ තුන්වන අගමැතිනියයි.