ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, මේ වසරේ ඩෙංගු රෝගීන් 23,118 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට වගබලා ගන්නා ලෙස ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.මේ අතර යාපනය ප්‍රදේශයේ වයස අවුරුදු 5ක දැරියක් ඩෙංගු උණ වැළඳීමෙන් මියගොස් තිබේ.පසුගිය සතියක කාලය තුළ යාපනයේ දෙවන දරුවෙකු ඩෙංගු රෝගයෙන් මිය ගොස් තිබේ.පසුගිය සෙනසුරාදා ඩෙංගු උණ වැළඳීමෙන් කොළඹ, පාණ්ඩියන්තලාව ප්‍රදේශයේ 11 හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගියේය.උණ වැළඳුනහොත් ළඟම ඇති රජයේ රෝහලට ගොස් සෘජුවම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටීම විශේෂත්වයකි.