අසල්වැසියන් පළමුව’ ප්‍රතිපත්තියට අනුව වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබාදීමට කැපවී සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
අමාත්‍යාංශයේ ප්‍රකාශක Arindam Baxi පැවසුවේ, ඉන්ධන සහ ආහාර ණය පහසුකම් ඇතුළුව පසුගිය මාස තුන තුළ ඉන්දියාව ඩොලර් බිලියන 2.5 ක පමණ ආධාර ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවයි.
ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැත්තෑ දහසක් සහ සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ශ්‍රී ලංකාවට සපයා ඇති බවද ඔහු පැවසීය.
මේ අතර සහල් සහ ජීවිතාරක්ෂක ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට එවා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා බෙදා හැරීමට තමිල්නාඩු මහ ඇමැති එම්.කේ.ස්ටාලින් මධ්‍යම රජයෙන් අවසර ඉල්ලා ඇත.